1974 වසරේ ජූනි මස 18 වැනි දින බොරැල්ල ප්‍රදේශයේ උපත ලැබූ අනුර සී. පෙරේරා මහතා අභ්‍යවකාශ විද්‍යාව මෙන්ම තාරකා විද්‍යාවද හදාරමින් පුවත්පත්වලට ලිපි සැපයූ ප්‍රවීණ ලේඛකයෙකි.මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාසික විද්‍යා සඟරාවෙන් ලේඛණ කලාවට පිවිසි ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා පුවත්පත වූ 'විදුමිණ' පුවත්පතේ කතෘ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසද සේවය කර පසු කාලීනව මෙරට සෑම විද්‍යා පුවත්පතකටම ලිපි සපයා ඇත.වර්ෂ 1968 දී 'විනෝදයෙන් විද්‍යා දැනුම' නම් පොත ලියා විද්‍යා ලේඛණ කලාව දිග් විජය කළ අප සමාජයට විශ්ව කෝෂයක් බඳු මෙතුමා මේ වන විට විද්‍යා පොත් තිහකට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කර ඇත.එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි රාජකීය ආයතනයෙන් තාරකා විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති අනුර සී. පෙරේරා මහතා ඇමෙරිකාවේ නාසා ආයතනය ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකම ගගනවිද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනවලට ගොස් තම දැනුම ප්‍රගුණ කරගත් නැණවතෙකි.එමෙන්ම අප රටේ පුරවැසිභාවයද ලැබූ ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී ක්ලාක් මහතා සමීපයෙන් ආශ්‍රය කර ඇති මෙතුමා මෙරට සිටින පැරණිතම විද්‍යා ලේඛකයෙක්ද වේ.
No comments:
Post a Comment
Thanks for your comment!