Search in This Blog

Dr.Arthur C. Clerlk


ආතර් සී ක්ලාක් මහතා 1917 වසරේ මහා බ්‍රිතාන්‍යයේ ගිනිකොණදිග පිහිටි සමර්සෙට් හි මන්හෙඩ් නම් කුඩා ගම්මානයේ ගොවියෙකුට දාව ඉපිද 1956 දී අප රටට පැමිණ පුරවැසිභාවය ලබා ගත්තේය.වර්ෂ 1954 දී '2001 දී ලෝකය' නම් ග්‍රන්ථය ලිය‍‍ා විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ එතුමා Loophole, Rescue Party, A Fall of Moondust, The City and the Stars, Childhood's End ඇතුළු විද්‍යා සාහිත්‍ය විෂයෙහි වැඩිම පොත් හා ලේඛණ සංඛ්‍යාවක් රචනා කළේය.එසේම රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද පොත් පලකිරීමටද ක්ලාක් මහතා උනන්දු වූයේය.Exploration of the space හා The promise of the space නම් පොත් මීට උදාහරණ ලෙස දැක්විය හැක.භූස්ථාපිත(Geostationary) චන්ද්‍රිකා තාක්ෂණය පිළිබද අදහස ලෙ‍ාවට හඳුන්වා දී එය වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙක් ලෙසද ආතර් සී ක්ලාක් මහතා සැලකේ.දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කළ මෙතුමා යුද්ධයෙන් පසුව British Interplanetary Societyහි සභාපති ලෙස කටයුතු කළේය.ජීවිතයේ වැඩි කාලයක් මෙරට වාසය කළ මෙතුමා මෙ‍ාරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසද  සේවය කරමින් එහි ‍විද්‍යාර්ථින්ට දැනුම ලබා දුන්නේය.මෙසේ පුරා වසර 54 ක් ශ්‍රී ලාංකිකයෙක් ‍ලෙස දිවි ගෙවූ මෙතුමා 2008 මාර්තු 19 දින  ශ්වසන අපහසුතාවකින් මිය ගියේය.

No comments:

Post a Comment

Thanks for your comment!

Astronomical News Alerts from Dialog