Search in This Blog

Friday, February 15, 2019

නව සොයා ගැනීම් සහ විද්‍යාවේ ජයග්‍රහණ පිළිබඳ දොරමඩලාව වැඩසටහන

‌අඟහරු ලොවට යැවු ෆාත්ෆයින්ඩර් යානය‌ේ සවි කර තිබූ අධෝරක්ත කිරණ කැමරාව ඇතුළු පේටන්ට් බලපත්‍ර 25කට අධික සංඛ්‍යාවක් හිමි, ශ්‍රී ලංකා රංජන යන ගෞරව නාමයෙන් මෑතකදී පිදුම් ලැබූ, නාසා ආයතනයට අනුබද්ධ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වත්මන් සභාපතිවරයා වන කොළඹ විශ්ව විද්‍යාලයීය භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‌වේදී කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් අඟහරු මතට මිනිසුන් යැව්ම, විශ්වයේ ජීවය පැතිර යාම ගැන සිදු කරන නවතම පර්යේෂණ හා අනාගත අභ්‍යවකාශ චාරිකා පිළිබඳව සාකච්ඡා වූ දොරමඩලාව වැඩසටහන පහතින් නරඹන්න.
තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන් සෘජුවම ඔබේ ජංගම දුරකථනයට ලබා ගැනීමට https://allapps.lk/appstore/view?appId=APP_018088 වෙත පිවිසෙන්න! එසේම අපගේ ෆේස්බුක් පිටුවට https://www.facebook.com/srilankanastronomy/ මගින් ‍පිවිසෙන්න.

Thursday, January 3, 2019

අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු 2018.12.03 දොරමඩලාව වැඩසටහන

නාසා ආයතනයට අනුබද්ධ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ විශේෂඥ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා ඇතුළු විද්වතුන් සහභාගි වූ "අ⁣පගේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු" දොරමඩලාව වැඩසටහන පහතින් නරඹන්න.

තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන් සෘජුවම ඔබේ ජංගම දුරකථනයට ලබා ගැනීමට https://allapps.lk/appstore/view?appId=APP_018088 වෙත පිවිසෙන්න! අපගේ ෆේස්බුක් පිටුවට https://www.facebook.com/srilankanastronomy/ මගින් ‍පිවිසෙන්න.

Tuesday, January 31, 2017

2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය

2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය පෙබරවාරි 12 වන දින අළුයම් කාලයේ පෙරවරු 4.04ට ආරම්භ වීමට නියමිතව ඇත. නමුත් පෘථිවියේ උප ඡ‍‍ායාව මේ අවස්ථාවේදී චන්ද්‍රයා මත පතිත වන හෙයින් අපට මේ අවස්ථාව හොඳින් නිරීක්ෂණය කළ නොහැක. එමෙන්ම පෙ.ව. 6.30ට සඳ මතට පෘථිවියේ ප්‍රධාන ඡ‍‍ායාව පතිත වීම ආරම්භ වේ. ඒ වන විට සූර්යයා උදා වී තිබිය යුතු නිසා චන්ද්‍රග්‍රහණය වඩා හොඳින් දර්ශනය නොවනු ඇත.

තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන් සෘජුවම ඔබේ ජංගම දුරකථනයට ලබා ගත හැක. වැඩි විස්තර සඳහා https://allapps.lk/appstore/view?appId=APP_018088 වෙත පිවිසෙන්න!

Tuesday, January 17, 2017

බුද ග්‍රහයා නිරීක්ෂණය

මේ වසරේ ජනවාරි 19 දින අලුයම් කාලයේ නැගෙනහිර අහසේ  සූර්ය උදාවට ‍‍පෙර -0.2ක දීප්තිියකින් යුතුව සූර්යයාගේ සිට දෘශ්‍ය අංශක 24ක ආනතියකින් හා කලා තත්පර 6.7ක විෂ්කම්භයකින් බුද ග්‍රහයා නිරීක්ෂණය කළ හැක.

Thursday, December 15, 2016

Ursids උල්කාපාත වර්ෂාව

වලාකුළු රහිත පැහැදිලි අහසක් ඇති විට Ursids උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 21 හා 22 දිනවල පාන්දර 1න් පසු අහසෙහි ඉතා සුළුවෙන් පියවි ඇසින් දැකිය හැක.8P/Tuttle ධූමකේතුවේ ශේෂවූ දූවිලි අංශුවලින් හටගෙන උල්කා 5 - 10ත් අතර ප්‍රමාණයක් පැයකදී නිකුත් කරමින් කුඩා වලසා තාරකා රාශිය අසලින් මෙම උල්කාපාත වර්ෂාව ඇරඹේ.
තාරකා විද්‍යාවේ මෙවැනි වූ අලුත්ම තොරතුරු දැන ගැනීමට https://www.facebook.com/srilankanastronomy/ මගින් අපගේ ෆේස්බුක් පිටුව ‍වෙත පිවිසෙන්න.

Tuesday, November 22, 2016

A Sri Lankan Research Team has discovered new seven asteriods

එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ අභ්‍යවකාශ යෙදවුම් වැඩසටහන හා සම්බන්ධ රාජ්‍ය නො වන විද්වත් සංවිධානයක්‌ වන අභ්‍යවකාශ විද්‍යා උපදේශක කවුන්සිලය, අන්තර්ජාතික තාරකා විද්‍යා ගවේෂණ එකමුතුව (IASC) සහ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ටෙක්‌සස්‌ ප්‍රාන්තයේ පිහිටි හාර්ඩින් සිමන්ස්‌ විශ්වවිද්‍යාලය මඟින් පවත්වන්නට යෙදුණු ග්‍රහක සෙවිමේ පර්යේෂණ වැඩසටහනකට සහභාගි වූ ශ්‍රී ලාංකික යොවුන් පර්යේෂකයන් පස්‌ දෙනකු ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහක පටියේ නව ග්‍රහක හතක්‌ සොයාගැනීමෙන් අප රටට විශේෂ කීර්තියක්‌ අත් කර දී ඇත. ඉහත සඳහන් ආයතන මඟින් මේ වැඩසටහන (කඳවුර) පවත්වා ඇත්තේ සැප්තැම්බර් 23 සිට ඔක්‌තෝබර් 21 දක්‌වා කාලය තුළ දී ය. මින් ඉහත දී ද වසර තුනක්‌ පුරා මේ ආයතන මඟින් පවත්වන ලද පර්යේෂණ කඳවුරු සඳහා සහභාගි වී තිබෙන්නේ මේ කණ්‌ඩායම ය. මේ වසරේ පර්යේෂණ කඳවුරට ඇතුළු වීම පිණිස අයදුම් කරනු ලැබූ විවිධ රටවලට අයත් කණ්‌ඩායම් සිය ගණනක්‌ අතුරින් පළමු කණ්‌ඩායම් විස්‌ස අතරට තේරී පත් වීමට එම කණ්‌ඩායමට හැකි වීම ද විශේෂත්වයකි.

කඳවුර පැවැත්වෙන අතරතුර ශ්‍රී ලාංකීය කණ්‌ඩායම ඒ ඒ ආයතනයන් හා සම්බන්ධ වී තිබෙන්නේ අන්තර්ජාලය ඔස්‌සේ ය. ග්‍රහක පටියේ විද්‍යාත්මක ඡායාරූප ගනු ලැබ ඇත්තේ හවායි දූපතේ පිහිටා ඇති මීටර 1.8ක විෂ්කම්භයකින් යුතු Pan- STARRS නම් වූ අභ්‍යවකාශ දුරේක්‌ෂය උපයෝගී කරගනිමිනි. එම ඡායාරූප අධ්‍යයනය කර විශ්ලේෂණයට ලක්‌ කිරීම මගින් මේ නව ග්‍රහක සොයාගැනීමට පර්යේෂකයන් කණ්‌ඩායම සමත් වී ඇත.

ශ්‍රී ලාංකීය පර්යේෂකයන් කණ්‌ඩායම විසින් සොයාගනු ලැබූ ග්‍රහක හත නම් කර තිබෙන්නේ P10xd2w, P10xcZK, P10xe62, P10xe28, P10x0Lt, P10x0Mk, P10x0Li යනුවෙනි. ග්‍රහක පටියේ ඇති ග්‍රහක සම්බන්ධ සියලු තොරතුරු රැඳී ඇති IASC නම් වූ දත්ත ගබඩාවට මේ නව සොයාගැනීම මේ වන විට ඇතුළත් කර තිබේ. ග්‍රහක පටියේ සම්භවය මෙන්ම සෞරග්‍රහ මණ්‌ඩලයේ උපත පිළිබඳව ද වැඩිදුර අධ්‍යයනය සඳහා එම දත්ත උපයෝගී කරගැනෙයි. තව ද ඇතැම් ග්‍රහක, ග්‍රහක පටියෙන් ඉවත් ව සූර්යයා දෙසට ඇදී යැමේ දී පෘථිවිය සමග ගැටීමට ඇති අවදානම නිසා තාරකා විද්‍යාඥයන්ට නව ග්‍රහක සොයාගැනීම වැදගත් වේ.

ශ්‍රී ලාංකික පර්යේෂණ ශිෂ්‍යයන් පිරිසක්‌ මෙවන් සොයාගැනීමක්‌ සිදු කළ ප්‍රථම අවස්‌ථාව මෙය වීම වැදගත් සිදුවීමකි. මේ වැදගත් සොයාගැනීම කරනු ලැබූ කණ්‌ඩායමට සහභාගී වූ සාමාජිකයන් මෙසේ ය.

Monday, November 21, 2016

Germinids උල්කාපාත වර්ෂාව

එක් එක් උල්කාපාතය ඉතා සෙමින් අහස පුරා විචිත්‍රවත්ව විහිදෙන Germinids උල්කාපාත වර්ෂාව මේ වසරේදී දැකිය හැකි හොඳම උල්කාපාත වර්ෂාවයි.දෙසැම්බර් 13 රාත්‍රියේ හා 14 පාන්දර උපරිම තීව්‍රතාවකින් පැයකදී උල්කා 120ක් පමණ අැති කරමින් 3200 Phaethon ග්‍රාහකයේ ඉතිරි කොටස්වලින් හටගෙන මිථුන රාශිය අසලින් මෙය විහිද යයි.

Astronomical News Alerts from Dialog